පරාජයෙන් පසුව එජාපය තීරණාත්මකව දෙකඩ වෙයි – වෙනම පක්ෂයක් හදන්නත් සූදානමක්

5

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කළ යුතුය යන යෝජනාව ඉදිරිපත් කළ එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට එරෙහිව දැඩි විරෝධතා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි. මේ අතුරින් වැඩිම විරෝධයක් එල්ල වී ඇත්තේ මංගල සමරවීර වෙත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මංගල සමරවීරගේ ප්‍රකාශ හේතුවෙන් දකුණේ ඡන්ද පදනම දැඩි ලෙස ගිලිහී ඒ හේතුවෙන් මෙම පරාජය උරුම වූ බව බොහෝ දෙනා සඳහන් කර සිටිති.

දෙමළ ජාතින සන්ධානය භාරගත් පරිදි උතුරු සහ නැගෙනහිර පළාත් සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කරවා දුන් දුන් බවත් ගම් මට්ටම්, බිම්ම ට්ටම, තම්මැට්ටම් කියමින් සිටි සජිත් ප්‍රේමදාසට කියූ පරිදි කිසිවක් කරගත නොහැකි බවත් සජිත් පිලට ප්‍රසිද්ධියේ චෝදනා කර ඇත. ඒ නිසා සජිත්ට මට්ටමේ මෙන්ම නගර මට්ටමේ ද ඡන්ද පදනමක් නැති බව මෙම මැතිවරණයෙන් තහවුරු වූ බව ද ඔවුන් චෝදනා කර තිබේ.

මේ අතර ජනාධිපතිවරණයෙන් පරාජය වී දේශපාලනයෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාස නැවතත් දේශපාලනයට ගෙන ඒම සඳහා ඔහුට හිතවාදී පාර්ශ්වයන්විසින් වැඩසටහනක් සකස් කරමින් පවතින බවද වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුළ බලය ඇල්ලීමට හැකි වුවහොත් එය සිදුකිරීම ද නොඑසේනම් වෙනත් දේශපාලන දහරාවක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව ඒ මත එක්කර ගැනීමද ඔවුන්ගේ සැලසුම වී තිබේ.

Previous articleජනාධිපති ගෝඨාභය සමග ඩී.කේ.පී. දසනායකත්
Next articleහදිසි මහ මැතිවරණයක් නැහැ – මාර්තු වනතෙක් භාරකාර ආණ්ඩුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here