ජනතාවගේ විශ්වාසය සුරකිනවා – අනුර කියයි

තම බලවේගය වෙත විශ්වාසය පළකළ ලක්ෂ හතරක් ජනතාවගේ විශ්වාසය කිසිඳු සැකයකින් තොරව සුරක්ෂිත කරන බව ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු අද මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ‘අවකාශය’හිදී පවතී මාධ්‍යහමුවකදීය. ජාතික ජන බලවේගය නියෝජනය කළ සෙසු කණ්ඩායම් නියෝජිතයන් සමඟ එක්ව මෙම හමුව පවතී වූ අතර එහිදී වැඩිදුරටත්  අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අසමාන කොන්දේසි යත්තේ ජනාධිපතිවරණයට තරග කිරීමේදී විශේෂයෙන් මාධ්‍යය ඉතාමත් පක්ෂපාතිව කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලයට හේතු වූ බවයි.

ජනාධිපතිවරණයේ තීන්දුව ජනතාවගේ තීන්දුවක් වන බැවින් තමන් ඊට ගරු කරන බවයි. එලෙසම මෙම ඡන්ද ප්‍රතිඵලය තවදුරටත් මේ රට ජාතීන් මෙන්ම ආගම් ලෙස බෙදීමට ලක්කළ බවද ඔහු පැවසීය. තවදුරටත් ජනාතාව මත එල්ලවන ඕනෑම ආකාරයක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සටන් කරමින් තමාට ඡන්දය දුන් නොදු සෑම පාර්ශවයක්ම ආරක්ෂා කරන බවද පැවසීය.

Leave A Reply

Your email address will not be published.

three + eight =