ත්‍රස්ත විමර්ශනයේ වධහිංසා ගැන විමර්ශනයක් කරන්න – මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක් !

අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් බරපතළ ලෙස වධහිංසා කළ බව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකරුවෙක් අනාවරණය කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සාවුල් හමීඩ් මොහොමඩ් සුල්තාන් නමැත් විත්තිකරු මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ විවෘත අධිකරණයේදී පසුගිය 27දා මේ බව පැවසූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි ලබාදෙන ලෙස තමන්ට බලපෑම් කළ බවත්, එසේ කරන ලෙස මෙසේ බරපතළ ලෙස වධහිංසා කළ බවත් විත්තිකරු වැඩිදුරටත් පවසා තිබිණි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබුණේ විත්තිකරුට අදාළ සම්පූර්ණ අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

Leave A Reply

Your email address will not be published.

2 × five =