ඔලිම්පික් ගිය ජූඩෝ සටන් ක්‍රිඩාව…

ජපනුන් හපන්නු යැයි අපේ පැරැන්නො ද කියති. වර්ථමානයේද එය සත්‍යක්ව පවතී. එය වඩාත්ම කැපීපෙනෙන්නේ ඕනෑම ආපදාවකින් පසුව ඔවුහූ එකාමෙන් නැවත නැගීසිටින ආකාරය ගැන නැවත සිතා බැලීමේදීය. තවද විදෙස් රටවල අමු ද්‍රව්‍ය වලින් නව නිර්මාණ කිරීමටත් එය ගුණාත්මක බවකින් ලෝකයට හදුන්වාදීමටත් ඔවුහූ උපන් ගෙයිම රුසියන් වෙති. එය අතරම තම දේශයට අනුකූළවද ඔවුහූ විවිධවූත් නිර්මාණවල යෙදෙති. මෙහිදී ක්‍රිඩා විෂය ද වඩාත් කැපී පෙනෙන්නේය. එහිදී ඔලිම්පික් ක්‍රිඩා තරග සදහාද කැන්දා ගිය ක්‍රිඩාවක් පවතී. එය ජූඩෝ (JUDO) (ජපන් උච්චාරණය “ජූ දෝ”) ක්‍රිඩාවයි.

කානෝ ජිගරෝ (Kanō Jigorō) මෙම ජූඩෝ ක්‍රිඩාවේ නිමවුම්කරුවාය. එමෙන්ම කොදොකාන් (Kodokan) ජූඩෝ පාසලේ නිර්මාතෘවරයායි. අද ඔහුගේ 161 වන උපන් දිනයයි. ජිගෝරෝ කනෝ උපත ලැබුවේ 1860 ඔක්තෝබර් 28 වන දින කෝබේ නගරයේ දැනට නැගෙනහිර නාදා දිස්ත්‍රික්කයේ ය. ජිගරෝ වයස අවුරුදු 15 දී ඔහු විදේශීය භාෂා පාසලකට ඇතුළත් වූ අතර 1877 දී ටෝකියෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එහිදී තම බාහිර අධ්‍යාපන විශයක් ලෙස ජු-ජිට්සු සටන් හැදෑරුවේය. එයම පසුකාලයේදී තමන්ව නව මාවතකට යොමුකර වීමටද සමත්විය.

පසුව ජපන් අධ්‍යාපනඥයෙක්, මලල ක්‍රීඩකයෙක් මෙන්ම අවසානයේ ජූඩෝ ක්‍රිඩාවේ හි නිර්මාතෘවරයා වීමේ භාග්‍යද ඔහු ලද්දේය. එය අනුව ජූඩෝ යනු පුළුල් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත් පළමු ජපන් සටන් කලාවද වූහ. 1909 දී ජපානයට IOC සඳහා සහභාගී වීමට ආරාධනාවක් ලැබුණේ නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පියා වන Baron de Pierre Coubertin විසිනි. ජපානයේ නියෝජිතයා ලෙස ජිගෝරෝ කානෝ එහිදී තෝරා ගන්නා ලදී. තවද ආචාර්ය කානෝ ජිගරෝ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පළමු ආසියානු සාමාජිකයාද වන්නේය.

එවිට 1896 දී ග්‍රීසියේ ඇතන්ස් නුවර ප්‍රථම නවීන ඔලිම්පික් උළෙල පවත්වා වසර දහතුනක් ගෙවී ගොස් තිබුණි. ඔහුගේ කැපකිරීම හේතුවෙන් 1940 දී 12 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ හිදී පැවැත්වීමට නිල වශයෙන් තීරණය කළ බැවින් 1938 දී ඔහුගේ ශ්‍රමයේ ඵල නෙළා ගැනීමට කාලය උදා විය. කෙසේ වෙතත්, දෛවය ඔහුට හරස් කැපුවේය. එම වසරේ මැයි 4 වන දින, කානෝ ජිගරෝ  ජපානයට ආපසු යන අතරතුරදී ඔහු ගමන් ගත් නැවේදී අසනීපවීමෙන් පසුව ඔහු මිය ගොස් තිබේ.
ජූඩෝ ක්‍රිඩාවටද මූලාරම්භවී ඇත්තේද ජු-ජිට්සු වෙතින් ලබාගත් නිරායුධ සටන් ක්‍රීඩාවක් වන අතර, එය ශරීරය සහ මනස පුහුණු කිරීමට යොදාගත් ක්‍රමයක් බව කානො නිර්මාතෘවරයා අදහස් කරයි. ජූඩෝ ක්‍රිඩාවේදී ප්‍රතිවාදියාව අසමතුලිත කිරීම සඳහා රඳවා තබා ගැනීම සහ උත්තෝලනය (Leverage) භාවිතා කිරීම එම ක්‍රිඩාවේ මූළිකව ඇතුළත් වේ. ජූඩෝ ක්‍රිඩාව 1964 ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ඔලිම්පික් වැඩසටහනකට හඳුන්වාදී තිබූ අතර 1972 සිට මේ දක්වාම සෑම ඔලිම්පික් තරගාවළියකදීම මෙම ක්‍රීඩා ඉසව්ව අපට දක්නට ලැබේ.

සටහන‍: Ashoka Peiris (CSNA)

ඡායාරූප ගූගල් ඔස්සේ

Leave A Reply

Your email address will not be published.

4 × 5 =