පොහොට්ටුවෙන් මානසික මෙහෙයුමක් – නිල නොලත් ප්‍රතිඵල, සැලසුම් සහගත වැඩක්

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ සතු වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සැලසුම් සහගතව කෙරෙන්නක් බව හෙළි වී තිබේ.

තැපැල් ඡන්ද මෙන්ම ලංකාවේ සමස්ත ප්‍රතිඵලය පිළිබඳවද මෙසේ ව්‍යාජ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙමින් තිබෙන අතර වැඩි ජන්ද ලක්ෂ දෙකක වැනි ප්‍රමාණයකින් ගෝඨාභය  රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති බවට පොහොට්ටු කඳවුර සමාජ මාධ්‍ය හරහා අසත්‍ය  ප්‍රචාර පතුරුවා හරිමින් සිටියද මේ වන විටත් ජන්ද ගණන් කිරීමේ කටයුතුවලින් 25%ක් වත් අවසන් වී නොමැති බව වාර්තා වේ..

බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සැලසුම මෙහෙයවන අතර ගෝඨාභය  රාජපක්ෂ ජයග්‍රහණය කර ඇති බව පවසමින් ජන්ද ගණන් කිරීම් ඇතුළු මැතිවරණ රාජකාරීවල නිරත පිරිස මානසිකව අධෛර්යමත් කරමින් වාසිය ඔවුන්ගේ පැත්තට හරවා ගැනීම එහි අරමුණ වී තිබේ.

2015 ජනාධිපතිවරණ ප්‍රථිපල බලාපොරොත්තුවෙන් සිටි කාලය තුළද මෙවැනිම මෙහෙයුමක් දියත් වූ නමුත් යථාර්තය ඉඳුරාම වෙනස් පණිවිඩයක් ගෙන ආවේ සියලුම අසත්‍ය ප්‍රචාර සහමුලින්ම බැහැර කරමිනි. 

Leave A Reply

Your email address will not be published.

4 × 4 =