ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර ලබන 30 වැනිදා වනවිට ගෙන්වන බවත්, ශාකයට ඉල්ලන පෝෂ ගුණය දෙනවනම් රසායනික කාබනික කියලා දෙයක් නැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.
“ශාකයට ඉල්ලන පෝෂ ගුණය දෙනවනම් රසායනික කාබනික කියලා දෙයක් නැහැ. පොටෑසියම් පොස්පරස් ටික දෙනවා නම් එච්චරයි .ඔබතුමාලා රසායනික යූරියා ගෙනත් දුන්නා .ඔබතුමාලා රසායනික පොස්පරස් ,පොටෑසියම් ගෙනත් දුන්නා.
අපි ගෙනාපු පොටැසියම් එක කාබනික පොහොරක්. ඒක රසායනික නෙමෙයි.
තාම හොඳ සාර්ථකත්වයෙන් යුතු නයිට්රජන් පොහොරක් අපි ආනයනය කරනවා . ලබන 30 වැනිදා වෙනකොට ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර ගෙන්වනවා. ගොවියා ඉල්ලුවේ අපිට නයිට්‍රිජන් ටික පොස්පරස් ටික පොටෑසියම් ටික දෙන්න කියලයි. නිෂ්පාදනයේ අඩුවක් වුණහොත් ඒ පිළිබඳව ගොවියට සාධාරණයක් කරනවා.”යනුවෙන්ද ඇමතිවරයා පැවසීය.