අත්අඩංගුවට ගන්න මිරිහාන පොලිසිය සොයමින් සිටි ගම්මන්පිලගේ බිරිඳ ලංකාවට ඇවිත්

මීට වසර කිහිපයකට පෙර බස්නාහිර පළාත් සභාවට අයත් ජීප් රථයක් පදවාගෙන ගොස් අහිංසක මිනිසෙකු යටකර ඔස්ට්‍රේලියාවට පළාගිය නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ මේ වනවිට ලංකාවට පැමිණ තිබේ.

එසේම ඇය අද උදෑසන ගම්මන්පිල මහතා සමඟ කිසිදු බියකින් සැකයකින් තොරව ඡන්ද පොලට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ද කටයුතු කර ඇත.

රාජපක්ෂවරුන් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසයෙන් ඇය ලංකාවට පැමිණ ඇති අතර රාජපක්ෂවරු ජයග්‍රහණය කළහොත් තමන්ට අවශ්‍ය විදිහට පොලිසිය මෙහෙයවීමට හෙට සිට අවස්තාව ලැබෙනු ඇතැයි ඔවුන් සිතන බව මේ අනුව පැහැදිළිව පෙනී යයි.

Leave A Reply

Your email address will not be published.

sixteen − 2 =