ලබන ජනවාරියෙන් පසු තෙල් ගෙන්නන්න වෙන්නෙ නෑ – උදය ගම්මන්පිල

මුදල් අමාත්‍යංශයෙන් විසඳුමක් ලබා නොදුනහොත් ලබන ජනවාරියේ සිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනය කිරීමට නොහැකි වන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. මේ පිළිබඳව තමන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

ගම්මන්පිල ඇමතිවරයාගේ යෝජනාව වී ඇත්තේ ඛනිජ තෙල් මත පනවා ඇති ආනයන බදු අඩු කිරීම හෝ තෙල් මිල ඉහළ දැමීමයි. IOC පිරවුම් හල්වල ඉන්ධන මිල ඉහල දැමුවහොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් සඳහා වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඇදී එනු ඇතැයි ද එම නිසා තව දුරටත් සංස්ථාවේ පාඩුව ඉහළ යනු ඇතැයි ද ඇමැතිවරයා පවසනවා. ගතවූ මාස නමය තුළ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 8300ක් වන අතර මේ වසර අවසන් වනවිට එය කෝටි 12,000 ක් වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

පළාත් අතර සංචරණය පවතින නිසා මේ වන විටත් රට තුළ ඉන්ධන පරිබෝජනය යම්තාක් දුරට අඩු වී තිබේ.
නමුත් ලබන 21 වෙනිදා පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග රට තුළ ඉන්ධන පරිභෝජනය තවත් ඉහළ යනු ඇති.

Leave A Reply

Your email address will not be published.

seven + 5 =