“ගුරුවරුන්ට බාධා කළොත් වැඩ දැඩි පියවර ගන්නව”

ගුරු වර්ජනය නොතකා සේවය කරන ගුරුවරුන්ට තර්ජනය කළ හොත් දැඩි පියවර ගන්න බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත වීරසේකර අද (15) මහනුවර පොල්ගොල්ලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ ය.

”පාසැල් ආරම්භ වන දිනය වන විට මේ වර්ජනය නොතකා සේවය කරන අයට තර්ජනය කරන්න ආවොත් එදාට මේ පොලිසියේ අපි නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන දැඩි දඬුවම් පමුනවනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙන්න පුළුවන් කමක් නෑ නමුත් ,, වැඩ කරන ගුරුවරුන්ට කිසිම කරදරයක් නොවෙන්න පොලිස්පති තුමා සහ ලේකම්තුමා දැනටමත් මං හිතන්නේ අවශ්‍ය කරන උපදෙස් දීලා ඇති’‘

ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණවුවත් අසාධාරණ වුවත්, ගුරු වර්ජනය සාධාරණීකරණය කළ නොහැකි බව අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

උතුරු – නැගෙනහිර දරුවන්ට මෙන්ම ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම් කටයුතු මේ වන විට සිදු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

6 − 4 =