GI බට නඩුවේ අධිචෝදනාවලින් ඇමති බැසිල් හා කිත්සිරි නිදහස්

2015 ජනාධිපතිවරණ සමයේදී ජී. අයි. බට සිදුවීමට අදාලව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් ජී. අයි. බට නඩුවේ අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (15) නියෝග කළේ ය.

නීතිපතිවරයා එම නඩුවේ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් අධිචෝදනාවලින් නිදහස් කිරීමට කටයුතු කළේය.

මිට මුලික වුවේ, 2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් වැය කොට ජී. අයි. බට මිලිදී ගෙන පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත්, ඒවා එම ආයතන වෙත බෙදා හැරීමෙන් සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණ.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වීය.

 

Leave A Reply

Your email address will not be published.

15 + twelve =