මහින්ද රාජපක්ෂගෙ පුතා මට අභියෝගයක් නෙමෙයි – ඇමැති දයාසිරි

වයඹ පළාතේ ජීවත්වන තමන්ට ඉදිරි වයඹ මහඇමති සටනේදී අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අභියෝගයක් නොවන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.

රෝහිත රාජපක්ෂ කුරුණෑගලින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ 13දා කුරුණෑගල පැවති රැස්වීමකින් අනතුරුව දයාසිරි ජයසේකර ඇමැතිවරයා මේ අදහස් පළකළේය.
වයඹ පළාතේ ඉපදුන තමන්ට එදා මෙන්ම අදත් වයඹ ජනතාව සලකන බවත්, ඉදිරි මැතිවරණයේදී ද එය එලෙසම සිදුවනු ඇති බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. මෙහිදී පොහොර ගැටළුව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවේ කාබනික පොහොර ගැටළුවට ඉක්මනින් විසදුමක් ලබානොදෙන්නේ නම් එය ජනාධිපතිවරයාව මෙන්ම ආණ්ඩුවද විනාශ කර දමන ප්‍රශ්නයක් බවට පත්වනු ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

20 − 18 =