දෙමළ සන්ධානය වැඩ අරඹයි – විරෝධතා දින දෙකක් !

උතුරේ ජනතාවගේ ගැටළුවලට මැදිහත් වෙමින් ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වීමේ දින දෙකක් ප්‍රකාශයට පත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

පොහොර සහනාධාරය ලබා නොදීම හා රසායනික පොහොර තහනම නිසා පීඩාවට පත්ව ඇති ගොවි ජනතාවත්, අනවසර ඉන්දීය ධීවරයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමටත් එරෙහිව ධීවර ප්‍රජාව ද සමග එළඹෙන 17 සහ 18 දෙදින උතුරු පළාතේ උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත ය. දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ ගැටළුවලට මැදිහත් නොවන බවට දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් පැවති වටපිටාවක, මේ විරෝධතා සැලසුම් කිරීම විශේෂත්වයකි.

‘ගොවීන් මුහුණ දෙන ගැටළුවලට විසදුම් ඉල්ලා යාපනය දිස්ත්‍රික්කයේ ඇති ගොවිජන මධ්‍යස්ථාන 28 ඉදිරිපිට සෞඛ්‍ය උපදෙස් අනුව 17 වැනිදා විරෝධතා පැවැත්වෙනවා. ධීවර ගැටළු මුල් කරගත් විරෝධතාව පැවැත්වෙන්නේ මුලතිව් මුහුදේ සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු පෙළපාලියකින් පැමිණීමෙන්’ යනුවෙන් මේ පිළිබඳව පසුගිය 13දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසා තිබිණි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අනවසර ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම වැළැක්වීමට නීති සම්පාදනය කර තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මැලිකමක් දක්වන බව ය.

 

Leave A Reply

Your email address will not be published.

three × 1 =