අයිසීයූ රෝගීන් සීයට 50කින් පහළට – තවදුරටත් ප්‍රවේශමෙන් – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව සියයට 50කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු සඳහන් කළේ, කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තවදුරටත් ජනතාවගේ සහය අවශ්‍ය බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15දා පැවැත්විමට නියමිතව තිබූ කොරෝනා කාර්ය සාධක බලකා රැස්විමේදි සංචරණ සීමා සම්බන්ධයෙන් හා දැනට පවතින නීතිරීති පිළිබඳව සමාලෝචනය කරන බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විට ඇතැම් පිරිස් මුව ආවරණ නිසි ලෙස නොපළඳින බවක් පෙනෙන්නට ඇති බවත් එසේ වුවහොත් යළිත් කොරෝනා වසංගතය ව්‍යාප්ත විය හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

three × three =