දුස්සීල ශ්‍රමණප්‍රතිරූපකයින් පිටුදැකීම නොහොත් “දුසිල් සඟබැටය

“දුසිල් සඟබැටය නමින් මාසික සගරාවක් 1934 දී ප්‍රකාශයට පත්කර තිබේ. කලුකොදයාවේ පඤාශේකර නා හිමියන් විසින් “සිංහල පුවත්පත් සගරා ඉතිහාසය” සංග්‍රහයේ පෙන්වාදෙන අන්දමට එම සගරාව පලකර තිබෙන්නේ ” දූස්සීල ශ්‍රමණ ප්‍රතිරූපකයන් පිටුදැකීම පිණිස සහ ශාසන ප්‍රතිසංස්කරණයක් ඇතිකිරීම සඳහා මහජනයා පෙළඹවීමටය

දුසිල් සංගයාට බැටේ දෙන්නට “දුසිල් සගබැටය” ප්‍රකාශයට පත්ව සියවසක් ගතව ඇත. නමුත් දුසිල් මහණුන් ගේ අඩුවක් නැත. ඔවුන් විසින් සමාජයේ යහපැවැත්මට කරන හානියද එන්න එන්නම අතිවිශාල වෙමින් තිබේ.
එබැවින් සගබැටය එදාට වඩා අවශ්‍ය වන්නේ අදටය. නමුත් අද ශ්‍රමණ ප්‍රතිරූපකයන්ට බැටේ දෙන්නට ගියොත් සිදුවන්නේ ශක්තික සත්කුමාරට මෙන් හිරේ විලංගුවේ වැටෙන්නටය. ඊට හේතුව සියලු දූෂිත සමාජ අපරාධ කරුවන් රකින, පවුරක් සේ පාලකයින් වටා දුසිල් මහණුන් රොද බැඳ සිටින නිසාය.

දේශ පාලකයින් ගේ අතකොළු ලෙස ක්‍රියාකරන දුසිල් මහණුන් ඉදිරියේ මහානායක හිමිවරුද අසරණය. දුසිල් මහණුන් පාතාල නායකයින් මෙන් සමාජය බියවද්දා ගෙන සිටිති. එයින් පැහැදිලි වන්නේ මෙරට බුදුසසුන පරිහානියට පත්ව ඇති තරමය.

1934 ඔක්තෝබර් මාසයේ පලවූ “දුසිල් සගබැටය” කලාපයේ කතුවරයා විසින් සගරාවේ පරමාර්ථය දක්වා ඇත්තේ මෙසේය.

” වර්තමානයේ අප ශ්‍රමණයන් අතර බුදුදහම ඇතා ගිල දැමූ දිවුල් ගෙඩියක් සේ දක්නා ලැබේ. යථාර්ථය අවබෝධ කළත් එය නොසලකා ගිහියන් අතර මුසා පතුරුවමින් හැකිතාක් ඔවුන්ගෙන් යැපෙමින් මේ ශ්‍රමණයෝ දවස් අරිති.

ඔවුන් නිසා ලක්දිවට වී තිබෙන අයහපත, අනර්ථය, හෝ නින්දාව ප්‍රමාණ කළ නොහැකි තැනට පැමිණ තිබේ. නපුරු ග්‍රහරාශියකින් යම් රටකට අයහපතක් වේනම් ලක්දිවට ද දැන් වනාහී දුසිල් සංගයා එබදු ග්‍රහරාශියකි.
මොවුහු වනාහී අවසර පත්‍ර ඇතිව දුශ්චරිත යෙහි ගැලුනවුන් වැනිය. පූජා කටයුත්තා කවරෙක්ද යන්න අද ගිහියාට ප්‍රහේලිකාවකි.

ශාසනාලය ඇත්තන් හා නායක තෙරුන් අවදිකරවා දුසිල් මහණුන් ගෙන් වන ශාසන පරිහාණිය වලක්වන අටියෙන් ආරම්භකළ මෙම සගරාව එහි ප්‍රතිඵල දක්වන තෙක් කරගෙන යාමට බලාපොරොත්තු වෙමු.”

– උදේනි සමන් කුමාර.(fb)

Leave A Reply

Your email address will not be published.

one × 1 =