කෝටි 02කට ආසන්න සිගරැට් සැක දෙදෙනෙක් STF අත්අඩංගුවට

කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් සිගරැට් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාාධිපති පොලිස් පරික්ෂක සී.ආර්. පාරමුල්ලගේ මහතාගේ උපදෙස් පරිදි උප ස්ථානාධිපති පො.ප. පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.11 වන දින පැය 18 .30 ට කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද GOLD MOUNT වර්ගයේ දුම්වැටි 6800 ක් සමග වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 21 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව කැලණිය, ගෝනවල, කොහොල්විල මාර්ගයේ නිවසක් සෝදිසි කිරීමකට ලක් කර නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද PLATINUM වර්ගයේ දුම්වැටි 219000 ක් හා MANCHESTER වර්ගයේ දුම්වැටි 38400 ක් සමග එම නිවසේ පදිංචි වයස අවු. 48 ක පුද්ගලයෙකු පැය 1900 ට අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමකින් යුත් රජයේ අවවාදය සටහන් කර නොමැති නීති විරෝධී දුම්වැටි 264200 ක් සමග සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැලණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Leave A Reply

Your email address will not be published.

sixteen + one =