“මම දේශපාලනයට එන්නෙ නෑ, මට සංගීත ක්ෂේත්‍රය ඇති” – යෝහානි

ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා සාර්ථක ඉන්දීය සංගීත ප්‍රසංගයක්ලො නිමාකරමින් ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.

ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමි වු අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යොහානි පවසා සිටියේ, තමාට ඉදිරි බලාපොරොත්තු රැසක් ඇති බවත් එහි පළමුවැන්න තමාගේ ගීත ඇල්බම් එක සාර්ථකව නිම කිරීම බව ද පැවසීය.

“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

“මගේ ඇල්බම් ඒකේ කටයුතු කරගෙන යනවා. ඇල්බම් එක සම්පුර්ණයෙන් මෙහෙ කරන්නේ. සිංදු 12 ම සිංහලවලින් කරලා තියෙන්නේ ”

“මම දේශපාලනයට එනව ද කියල අහල තිබුන අනිවාර්යෙන් ම ඒක වෙන්නේ නෑ. මම ආටිස් කෙනෙක්. තවම සංගීත ක්ෂේත්‍රය හදාරන කෙනෙක්. ඒ මට ඇති.”

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමි වූ අතර මේ වන විට එම ගීතයද ඉන්දියාව තුල ජනප්‍රියත්වයේ ඉදිරියටම පැමිණ තිබේ.

මේ වන විට යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.

8 − 1 =