“ගිනිගත් නැවේ ගිනිගත් ජිවිත වලට සාධාරණ වන්දි මුදලක් ලබා දෙනු”

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට සහ වෙරලට මේ වන විටත් ඇතිව තිබෙන හානිය හමුවේ ආණ්ඩුව දරමින් සිටින නිහඬ පිළිවෙතට විරෝධය පාමින් මීගමුව කලපුව සුරැකීමේ සංවිධානය විසින් අද (12) දින නිහඬ උද්ඝෝෂණයක් සරක්කුව වෙරළ පරිශ්‍රයේදී සංවිධානය කර තිබුනි …

මෙහිදී සිදුව ඇති හානිය වහාම නිවරදිව තක්සේරු කොට අදාල වන්දි මුදල රටට ලබා ගන්නා ලෙසත් ධීවරයින් සදහා ද සාධාරණ වන්දි මුදලක් ගෙවන ලෙසත් මාධ්‍ය ඉදිරියේ ඔවුන් ප්‍රකාශ කර සිටියේය ..

මේ අවස්ථාව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ඔවුන් ඒ අවට නිරීක්ශණ චාරිකාවක් සදහාද උද්ඝෝෂණයෙන් අනතුරුව සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.

17 + fourteen =