“ගුරු වර්ජනය අවසන් කිරීමට තවමත් තීරණය කර නෑ”

වර්ජනය නතර කිරීමට වෘත්තීය සංගම් නියෝජිතයින් එකඟ වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පැවසුවද රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින් හෙට(13) දිනයේ රැස් වී සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන බවයි ගුරු වෘත්තීය සමිති පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද (12) දහවල් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවති අතර ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා රජය ලබාදෙන විසඳුම පිළිබඳව එහිදී වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කෙරිණ.

අදට මාස තුනක් සම්පුර්ණ වන ගුරු වර්ජනය මේ වන විටත් අවසන් කර නොමැති බවත් ගුරු – විදුහල්පති සන්ධානය හෙට දිනයේ රැස්වී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

Leave A Reply

Your email address will not be published.

nine + twenty =