ඉන්දීය යුද හමුදා ප්‍රධානියා දින පහකට මෙරටට

ජනපති, අගමැති ඇතුළු පිරිසක් හමුවීමට ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතය.

යුද හමුදාව සඳහන් කරණ පරිදි ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරටට පැමිණෙන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව බවයි.

මෙම සංචාරය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ප්‍රධානීන් සහ ආරක්ෂ අංශ ප්‍රධානීන් හමුවීමට නියමිත බවද වාර්තාවේ.

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් නාරාවන ලබන බ්‍රහස්පතින්දා සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයටද සහභාගීවීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

nine + 5 =