රෙංගම්මාවෝ

අවුල් ලිහ ලිහා මුහුලස
තැවුල් දුක් විදන් මතුරන
හිත් පැලී කදුළු වැගිරූ
සැවුල් දේවියේ…

රජ සැපත් අහිමිවිජිතෙක
කිරුලවත් නැතිව තනියට
හැංගිලා වියූ පැදුරක
අයිතිකාරියේ…

කන් ඉරා ගලවගන්නට
අරුංගල් නැතත් කන් අග
ලේ බිංදු ලකුණු දන්දුන්
අග්‍ර බිසවුනේ…

වෙල්ලෝර බිමේ සැතපෙන
අරුනළුද අතින් පිස පිස
හාමතේ වුවද නොවෙනස්
කිදුරු මෙහෙසියේ…

පාක්කුඩ පඩුරු පිරිවර
දුරින් දුරුව ගිය දවසෙද
ප්‍රේමයද හිමිද රැකගත්
රුවන් දෝලියේ….

– සඳරැසී සුදුසිංහ

Leave A Reply

Your email address will not be published.

18 + fourteen =