ටැන්සානියානු ලේඛක අබ්දුල්රසාක් ගුර්නා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

සාහිත්‍යය උදෙසා නොබෙල් ත්‍යාගය මේ වසරේ හිමිව තිබෙන්නේ ටැන්සානියාවේ සැන්සිබාර් දූපත් සමූහයේ ඉපදී හැදීවැඩුණු, දැනට එංගලන්තයේ වෙසෙමින් ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන අබ්දුල්රසාක් ගුර්නාට (Abdulrazak Gurnah) ය.

1948 උපන්, දැනට 72හැවිරිදි ගුර්නා 1968 දී දේශපාලන හිංසනයෙන් බේරීමට සරණාගතයකු ලෙස සැන්සිබාරයෙන් එංගලන්තයට පලාඑන්නෙකි.
ඔහු නවකතා 10ක හා කෙටිකතා විශාල ප්‍රමාණයක කතුවරයා ය.

“යටත්විජිතකරණයේ බලපෑම් සහ සංස්කෘතීන් ද, මහාද්වීප ද අතර වන්නා වූ දැවැන්ත පරතරය මැද සරණාගතයාගේ ඉරණම පිළිබඳ සම්මුති විරහිත හා දයානුකම්පිත සාහිත්‍යමය විනිවිදයාම උදෙසා” ඔහුට මේ සම්මානය පිරිනැමෙන බව නොබෙල් සම්මාන කමිටුව කියාසිටී.

නයිජීරියානු ලේඛක වොලේ සොයින්කා 1986 වසරේ දිනාගත්තාට පසු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකරගත් එකම අප්‍රිකානු ජාතිකයා ගුර්නා ය.

“මුලින් ඇහුවාම මට හිතුණේ මේක විහිළුවක් කියලා. මේවගේ සම්මානයක් දිනන්න ඉඩ තියෙන්නේ කවුද කියනවා වගේ කතා ඉතින් සති ගාණකට, එහෙමත් නැතිනම් මාස ගාණකට කලින් ඉඳලා කතාබහට ලක්වෙනවානේ. ඒ නිසා මේක මගේ හිතේ අහලකවත් තිබුණු දෙයක් නෙවෙයි.”
මේ දැවැන්ත සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ ගුර්නා පවසයි.

ලැබිය යුතුව තිබූ අවධානය මෙතෙක් නොලද ලේඛකයකු වූ ගුර්නා මේ සම්මානයට ඉහළම සුදුස්සෙක් බව ඔහුගේ දිගුකාලීන සංස්කාරකවරිය වන බ්ලූම්ස්බරි ප්‍රකාශන ආයතනයේ ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රින්ගල් සිටින්නී ය.
ගුර්නාහ් විසින් රචනා කල නවකතා දහය

  1. Memory of Departure (1987)
  2. Pilgrims Way (1988)
  3. Dottie (1990)
  4. Paradise (1994)
  5. Admiring Silence (1996)
  6. By the Sea (2001)
  7. Desertion (2005)
  8. The Last Gift (2011)
  9. Gravel Heart (2017)
  10. Afterlives (2020) — with Serene Court and
    10 others

සටහන– ‘සම’ ප්‍රකාශන
.

Leave A Reply

Your email address will not be published.

5 × five =