“රජයෙන් සහනයක් ලබානොදුන්නොත් තෙල් මිල ඉහළ යයි”

අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් තම රජයට නැතැයි බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසීය.

පාර්ලිමේන්තුවේ බලය අනුව ලෝක වෙළඳපල තුල භාණ්ඩ මිල තීරණය වන්නේ නැති අතර ලෝක වෙළඳපලේ මිල ඉහළයාමෙන් සිදුවන පාඩු දිගින් දිගටම දරාගැනීමේ හැකියාවක් රජයට නැතැයි ද ඇමතිවරයා පවසයි.

පවතින තත්වය මත ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබානොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බවත් එවැනි තත්වයක් හමුවේ මිල ඉහළදැමීමකින් තොරව පවත්වාගෙන යා නොහැකි බව ද ගම්මන්පිල ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.

14 − three =