Sysco LABS වෙතින් Educate Lanka Foundation සමඟ හවුල්කාරිත්වය ගොඩනඟයි

ලොව ගෝලීය ආහාර සේවාවේ  ප්‍රමුඛයා වන Sysco හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka ජාත්‍යන්තරව පිළිගත් Educate Lanka Foundation සමඟ සිය වසර පහකට ආසන්න හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් අධ්‍යාපනයක් හැදෑරීමේ වරම් නොලබන තරුණ පරපුර සඳහා අවස්ථා විවෘත කර දෙමින් සිටී. 2007 වසරේදී  ආරම්භ කරන ලද ELF හි අරමුණ වන්නේ ගුණාත්මක හා සාධාරණ ඉගෙනුම් අවස්ථා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික වශයෙන් වරප්‍රසාද නොලත් දරුවන් සහ තරුණ පිරිස් සවිබල ගැන්වීමය.
එක්සත් ජනපද තානාපති කාර්යාලය සහය දක්වන ELF හි Youth Change Agents වැඩසටහන සමඟ Sysco LABS මෙම වසරේදී සහයෝගයෙන් කටයුතු කරනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහක විවිධ ප්‍රජාවන් නියෝජනය කරනු ලබන තරුණ ශිෂ්‍ය නායකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් උනන්දු කළේය. මෙම වැඩසටහන මඟින් වෘත්තීමය වශයෙන් කුසලතා පුහුණුකරුවන්, ආයතනික පුහුණුකරුවන්, හවුල්කරුවන් සහ ගෝලීය සම වයසේ මිතුරන් සමඟ ඉගෙනුම් සම්පත් වලින් සන්නද්ධ කිරීමට සහ මාර්ගගත වේදිකාවක් හරහා ඔවුන්ගේ නායකත්ව ගුණාංග එළිදැක්වීම අරමුණු කෙරේ. ඒ මඟින් ඔවුන්ගේ ප්‍රදේශවල ප්‍රජාවන්ගේ ගැටලු විසඳීම සඳහා තිරසාර විසඳුම් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ව බල ගැන්වීම අපේක්ෂා කෙරේ●
Leave A Reply

Your email address will not be published.

3 + twenty =