වතු නිලධාරීන් සේවයට එන්නේ අත-පය කඩාගන්න නොවෙයි වතු අධිකාරීවරු කියති

කම්කරුවන්ගේ පහරදීම් හමුවේ තම නිලධාරීන් දැඩි අසීරුතාවට පත් වී ඇති බව ලංකා වතු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තලවාකැලේ සහකාර වතු අධිකාරීවරයකුට සහ ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනකුට වතු කම්කරුවන් පිරිසක් පසුගිය දා අමානුෂික ලෙස පහර දී තුවාළ සිදු කිරීම සම්බන්ධයෙන්  විරෝධය දැක්වීම සඳහා නානුඔය, රදැල්ල ක්‍රීඩාංගණ සංකීර්ණයේ පැවැති  මාධ්‍ය හමුවක දී ය.

“තලවාකැලේ වතුයායේ සහකාර වතු අධිකාරීවරයාට පහර දීම සම්බන්ධයෙන් අප සංගමය දැඩි ලෙස විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් වැවිලි ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති එක්ක සාකච්ඡාවක් තියෙනවා. අපිට එන්නත් ලබා දෙන්න කියලා, ජනාධිපතිවරයාට, හමුදාපතිට, සෑම කෙනකුට ම ලිපි ලිව්වා. මේ ආණ්ඩුව වැවිලිකරුවන් අමතක කරලා දැම්මා. අපිට සහායට ඉන්න අය තමයි, වතු නිලධාරී මණ්ඩලය, ඒ නිලධාරී මණ්ඩලයේ අත් කඩනවා. ඒ මිනිස්සු රැකියාවට එන්නේ අත් කඩා ගන්න නෙවෙයි නේ.

“මෙවැනි සිදුවීම් ආයෙත් සිදු වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි මීට කලින් ඇමැතිවරුන් සමඟ වෘත්තීය සමිති එකතු වෙලා සාකච්ඡා කළා. නමුත්, ඒකෙන් කිසිදු ප්‍රතිඵලයක් නෑ” යනුවෙන් මෙම මාධ්‍ය හමුවේ දී දයාල් කුමාරගේ වැඩි දුරටත් පැවසී ය.●

තිලක් කළුපහන – නුවරඑළිය.

 

Leave A Reply

Your email address will not be published.

14 + 15 =