අනිද්දා පුවත්පත කියන්නේ ‌බ‌ොරු – ජන බලවේගය‌ෙන් පැමිණිල්ලක්

ඊයේ දිනයේ වෙළදපොලට නිකුත් වූ ‘අනිද්දා’ පුවත් පත තම ප්‍රධාන ප්‍රවෘත්ති ශිර්ෂ පාඨය ලෙස යොදාගත් ‘ජන බලවේගයේ දෙවැනි මනාපය ඒකාධිපතිත්වය පැරදවීමට- පාක්ෂිකයන්ට දැනුම් දෙයි’ යන වාර්තාව සහමුලින්ම ව්‍යාජයක් බව ජාතික ජන බල ව්‍යාපාරය මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත මීට ස්වල්ප වේලාවකට පෙර පැමිණිලි කරමින් පවසයි. එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහගේ අත්සනින් යුතු ලිපියක් මගින් මෙම පැමිණිල්ල කර තිබේ. මෙම ප්‍රවෘත්තිය පළකර තිබුණේ තරිඳු උඩුවරගෙදර විසිනි. මෙවැනි වැරදි ප්‍රවෘත්තියක් පළකිරීමෙන් පසු එය නිවැරදි කිරීමට හෝ ඉඩක් නොමැති තත්වයක් ඇති හෙයින් මේ පිළිබඳව ගතහැකි ක්‍රියා මාර්ගයක් ගන්න ලෙස සිය ලිපිය මඟින් වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.  

Leave A Reply

Your email address will not be published.

1 + 5 =