මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර දැඩි සත්කාර ඒකකයේ

 

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පන්දුවට මුහුණ දුන් පිතිකරු වන සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතාගේ වම් කකුලේ දණහිසට පහළින් ඉවත්කිරීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබයි.

හෘදයා බාදයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බන්දුල වර්ණපුර මහතාගේ දියවැඩියා තත්වය උත්සන්න වීම නිසා වම් කකුලේ කොටසක් කපා ඉවත්කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ.

68 හැවිරිදි බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කළේය.

මෙය සැලවීමෙන් මුහුනුපොතෙහි සටහනක් තබන ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන,

හිතවත් බන්දු අයියා ඔබට ඉක්මන් සුවය..!
Dear Bandula Warnapura Get well soon..!

පාසල් කාලයේ ඉඳන් අපේ වීරයෙක් වුණු ඔබ බ්ලූම්ෆීල්ඩ් පිල මෙහෙයවමින් SSC පිල පරදවන විට අපි රීඩ් ඇවනිව් පිටියේ ගස් යට හිඳිමින් අප්පුඩි ගැසුවෙමු.
දකුණු අප්‍රිකානු තහනම් සංචාරයෙන් පසු ඔබලාට වසර 25 ක තහනමක් පැනවූයේ කිසිදු ක්‍රීඩා සමාජයකට වැද්ද ගැනීමත් තහනම් කරමිනි.

එහෙත් එම තහනම නොතකා ඔබව මා නායකත්වය දැරූ කළුතර පීසීසී කණ්ඩායම SSC පිල සමග ඩේලි නිව්ස් කුසලාන අවසන් පූර්ව තරගයට පෙර පැවති පුහුණු සැසියකට ගෙන්වා ගත්තේ ඔබගේ පැමිණීම අපට මෝටිවේෂන් එකක් බවට පත් කර ගැනීමටය.

එකලම ඔබව නාගොඩ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන ආරාධිතයා ලෙසද ගෙන්වා ගැනීමට කටයුතු කළෙමි.

අපේ පළමු ටෙස්ට් නායකයා ලෙසත් පළමු පන්දුවට මුහුණ දුන් පිතිකරු ලෙසත් ඔබ ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියවෙන චරිතයක් බවට පත්වනු නොඅනුමානය.
ඔබේ ජංගම දුරකථනයේ මගේ නොම්මරය අදත් සඳහන් කොට ඇත්තේ අන්නාසි මාමා කියාය.
ඔබ සමග කතා බහක යෙදෙද්දී කිසි විටෙක කම්මැලි කමක් නොදැනේ. එකම රස ගුලාවකි.
එහෙත් ඔබ දැන් හදිසියේ ගිලන්ව රෝහල්ගත කර ඇත.
ඔබට ඉක්මන් සුවය පතමු.!
– රන්ජන් පරණවිතාන

Leave A Reply

Your email address will not be published.

3 × one =