“තේවලට කාබනික පොහොර ගැලපෙන්නෙ නෑ. අපි කිව්වට පිළිගන්නෙ නෑ”

- ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න

පොහොට්ටු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදට එකිවෙමින් ප්‍රකාශ කළේ කාබනික පොහොර ප්‍රශ්නය නිසා ඉදිරියේදී වතුකරයේ නොසන්සුන් තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මන්ත්‍රීවරයා පැවසුවේ තේවලට කාබනික පොහොර නොගැළපෙන බවත් තේ වගාවට කාබනික පොහොර යෙදීම නිසා අස්වැන්න අඩුවීමෙන් වතුකර ජනතාවගේ රැකියා ඉදිරියේදී අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවත් මෙනිසා පළාතේ ජනතා නියෝජිතයන් ලෙස තමන්ලා ජනතාව ඉදිරියේ දැඩි අපහසුතාවයකට පත්වන බවයි.

මේ ප්‍රශ්නයට වහාම පිළියමක් ලබා නොදුනහොත් විදේශ විනිමය අහිමිවීමේ අවදානමක්ද ඇතිවන බව පැවසූ හෙතෙම පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දෙන්නැයි අදාළ ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

පසුගිය වගකිවයුතු සාකච්ඡාවලදී තමා මෙම අවදානම පෙන්වා දුන් නමුත් තවමත් ඊට විසඳුමක් ලැබී නැතැයිද මන්ත්‍රීවරයා පැවසුවේය.

තේවලට කාබනික පොහොර නොගැළපෙන බවත් මේ සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමු කළ යුතු බවත් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න ප්‍රකාශ කළේය.

 

Leave A Reply

Your email address will not be published.

12 + 4 =