නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේසන් අද(08)අල්ලස් කොමිසම හමුවට

ජනාධිපති, අගමැතිගේ ඥාති වරියක් වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අද (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මාධ්‍යට පවසා තිබේ.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පසුගියදා සිදුකළ පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්ව මඟින් හෙළි නොකළ වත්කම් භාවිත කරමින් විවිධ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් තිරු නඩේසන්ගේ නම ද අනාවරණය වී තිබුණි.

පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්වේ සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තරාතිරම නොබලා විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළේය.

 

Leave A Reply

Your email address will not be published.

two × four =