නුවරඑළිය රාගලවත්ත නිවසක ගින්නකින් දරුවන් දෙදෙනෙක් සමඟ 5 දෙනෙක් මියයයි

නුවරඑළිය රාගලවත්ත ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් පුද්ගලයන් පස්දෙනෙක් මියගොස් ඇති අතර දරුවන් දෙදෙනෙක් ද ඒ අතර වෙයි.

නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඊයේ (07) රාත්‍රී ඇති වූ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු පිළිස්සී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලෙයෙකු වැඩිහිටි කාන්වන් 2 දෙනකු, වයස අවරුදු 11 පිරිමි දරුවෙකු සහ තවත් අවුරුද්දක් වයැසැති පිරිමි දරුවෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

මෙම ගින්නට හේතුව මෙතෛක් අනාවරණය වී නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.

seven + 7 =