මැතිවරණ කොමිසමේ පුරප්පාඩුවක් – ජීවන් ත්‍යාගරාජා යවයි !

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන ජීවන් ත්‍යාගරාජා උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මේ පත්කිරීම සිදු කර ඇති අතර, මීට අදාළ ලිපියට ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් අත්සන් තබා තිබේ. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඔහු ඉවත්වීමෙන් පසු ආණ්ඩුකාර ධුරයේ පත්වීම බලාත්මක වීමට නියමිත ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර නියෝජනය කිරීම ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු රැසකට ත්‍යාගරාජා දායක විය.

Leave A Reply

Your email address will not be published.

fourteen − 3 =