මෛත්‍රී, සජිත්, අකිල ඇතුළු විපක්ෂය අභයාරාමයේ රැස්වේ

වත්මන් රජය බලයට ගෙන ඒමට සුවිශේෂ කාර්‍යයක් ඉටුකළ අභයාරාමය සහ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විපක්ෂයේ දේශපාලනඥයින් රැසක් නාරාහේන්පිට අභයාරාමයට රැස්ව ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ ඊයේ දින ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ට දුරකථනයෙන් කතාකොට පවසා ඇත්තේ ගුරු ගැටලුවට විසඳුම් සෙවීමට ගුරුවරුන් සමඟ සාකච්ඡා කොට විසඳුමක් සෙවීමට කටයුතු කරන ලෙසය. මෙය ඊයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් මාධ්‍යට පවසා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ක්‍රියාවලියේදී සහ ඉන්පසුව මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් අභයාරාමය මූලික කර්තව්‍යයක් සිදු කළේය.

කෙසේ නමුත් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැඩි ලෙස විවේචනය කරන පසුබිමක අභයරාමයේ මෙම රැස්වීම බොහෝ දෙනාගේ විමතියට පත් කරුණක් විය.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් නාරාහේන්පිට අභයාරාමයට රැස්වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

2 × one =