රෝයල් පාර්ක් සමාවට එරෙහිව පෙත්සමක්

2005 වර්ෂයේදී රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට පෙත්සමක් ගොනු කර ඇත. එම විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ ඇත. කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

“දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.

ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.

මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද කාන්තා මාධ්‍ය එකමුතුව වැඩිදුරටත් ඉල්ලා සිටිති.

2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ඇන්තනි ජයමහ නැමත්තාට පසුගිය දා ජනාධිපති සමාව හිමි විය.

Leave A Reply

Your email address will not be published.

one + nine =