නිරූපමා රාජපක්ෂ හා තිරු නඩේසන් ගැන ජනපතිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ලොවම කළඹමින් ආන්දෝලනාත්මක පැන්ඩෝරා පේපර්ස් හී නම් සඳහන් විවිධ රට වළ දේශපාලන, ක්‍රීඩා ආදී නොයෙක් තරාතිරමේ පුද්ගලයින්ගේ නම් සඳහන් වීමත් සමඟ එම බොහෝ රටවල් පරීක්ෂණ කරන බවට ප්‍රකාශ කරත්දී එහි නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

එමතොරතුර මුලින්ම සඳහන් කරන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිවේදනය කරන්නේ අද (06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම නියෝගය නිකුත් කළ බවයි.

නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් ඥාති සොහොයුරියක් වන අතර තිරු කුමාර් නඩේසන් නිරුපමාගේ ස්වාමිපුරුෂයාය.

Leave A Reply

Your email address will not be published.

19 − 2 =