ලොව ප්‍රකට ප්‍රාග් ඉතිහාසඥ ශිරාන් දැරණියගල අභාවප්‍රාප්තවෙයි

ලොව ප්‍රකට ප්‍රාග් ඉතිහාසඥයෙකු වන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අද (05) අභාවප්‍රාප්ත වී තිබේ.
1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයෙකු ලෙස පත්වීම් ලැබූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙරට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වේ.

1942 මාර්තු 01 දා රත්නපුරයේ දී උපත ලැබ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ සිරාන් දැරණියගල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව හා සංස්කෘත භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත් අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලැබුවේය.

එහිදී හොඳම ශිෂ්‍යයාට හිමිවන ගෝර්ල්ඩන් චයිල්ඩ් රන් සම්මානයෙන් ද පිදුම් ලැබූ දැරණියගල මහතා 1968 වර්ෂයේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයා වශයෙන් පත්විය.

1968 වර්ෂයේ දී ම පාහියන්ගල ලෙන ආශ්‍රිත ඉපැරණි මානව ජනාවාස සොයා එය අධ්‍යයනය කළ අතර 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර පුරාවිද්‍යා කැණීම් ආරම්භ කළේය. අදින් වසර 130,000ක් පැරණි ඉරණමඩු පාංශු ස්ථරය පිළිබඳ දීර්ඝ පර්යේෂණ රැසක් සිදුකළ ශිරාන් දැරණියගල එම දත්ත ඇසුරින් සකස් කළ නිබන්ධනය සඳහා 1998 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේන් ආචාර්ය උපාධියක් ද ලබා ගත්තේය.
ආචාර්ය ශිරාන් දැරණියගල මහතා මියයන විට 79 වැනි වියේ පසුවිය.

 

 

 

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

twelve − 7 =