ජපාන නව අග්‍රාමාත්‍යවරයා ලෙස කිෂිඩා ෆුමියෝ පත්වේ

හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ධුරයෙන් ඉවත්ව යාමත් සමග අද (04) ජපාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ජපාන නව අග්‍රාමාත්‍යවරයා ලෙස කිෂිඩා ෆුමියෝ තේරී පත් වී තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වන 64 හැවිරිදි කිෂිඩා ෆුමියෝ අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුකම් ලැබුවේ, පසුගිය දා පැවති පක්ෂ නායකත්ව සටනින් ජය ලැබීමත් සමගය.

අග්‍රාමාත්‍ය කිෂිඩාගේ නව කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ නම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වසංගතයෙන් පසු ආර්ථිකය යළි නගා සිටුවීම මෙන්ම උතුරු කොරියාවෙන් එල්ල වන බලපෑම්වලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙනයාම නව අග්‍රාමාත්‍යවරයා හමුවේ ඇති අභියෝග බව එරට විද්වතුන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතරම රට කොරෝනා වසංගතයට මුහුණ දී සිටි අවස්ථාවේ ජනතා විරෝධය මධ්‍යයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට තීරණය කිරීම හමුවේ අඩු වූ පක්ෂයේ ජනප්‍රියභාවය යළි ඉහළ නැංවීම ද නව අග්‍රාමාත්‍යවරයා හමුවේ ඇති තවත් අභියෝගයකි.

 

Leave A Reply

Your email address will not be published.

20 − 4 =