පුද්ගලයකු පැහැර ගනී, හේතුව කියා දෙන්න පොලීසියට එන්නලු‍

ත්‍රිකුණාමලයේ වරෝධ්‍යන් නගර් හි පදිංචි 39 හැවිරිදි මනෝහරදාස් සුභාෂ් නැමති අයකු  උප්පුවේලි පොලිසියෙන් බවට හඳුන්වා ගත් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

නිවසේ සිටියදී මෙම පැහැර ගැනීම සිදු කර ඇති අතර පැහැර ගැනීමට ලක්වූ මොහු  හමුදා පුනරුත්ථාපනය යටතේ වසර දෙකක් රඳවා තබාගෙන නිදහස් කළ අයකු බව සඳහන්. ‍මෙම පැහැර ගැනීම ගැන තමන් කිසිත් නොදන්නා බව උප්පුවේලි පොලිසිය මුලින් ප්‍රකාශ කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට අනුව නම කීමෙන් වැළැකී සිටි එම පොලිසියේ  නිලධාරියකු දැක්වූ ප්‍රතිචාරය.

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධ වාර්තා පළ වෙනවා. ඒ සම්බන්ධ පැමිණිල්ලක් තියෙනව ද….?

“අපි ඔයාලට විස්තර කියන්න බැඳිලා නෑ. සමහර විට ඔය වගේ සිද්ධියක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.”

නමුත් චෝදනාව තියෙන්නේ උප්පුවේලි පොලිසියට…

“දුරකතනවලින් අපි විස්තර කියන්නේ නෑ. වෙලා තියෙනවා නම් පොලිසියට ආවොත් හේතුව කියලා දෙන්න පුළුවන්. පොලිසිය කියලා කාට කරන්න බැරි ද?”

උප්පුවේලි පොලිසිය ඔය විදිහට කියනවා කියලා ලියන්න ද…?

“අපිට ප්‍රශ්නයක් නෑ. ඔයාලා කැමැති විදිහකට ලියා ගන්න”

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප කළ විමසීමේ දී එහි නිලධාරියෙක් සඳහන් කළේ මෙම පැහැර ගැනීම සම්බන්ධ තොරතුරක් මෙතෙක් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ලැබී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගන්නා බවත්ය.
Leave A Reply

Your email address will not be published.

eight − six =