ජනපති අණින් බුද්ධි බලය හමුදාවට !

යුද හමුදාවට වැඩි බලයක් ලැබෙන පරිදි ජාතික බුද්ධි සේවය ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ.
මේ සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීඹට සැලසුම් කර ඇත. මේ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සැලේ ය. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වුවද, ඔහුට හමුදා බුද්ධි අංශ වෙත සෘජුව නියෝග නිකුත් කිරීමේ හෝ තොරතුරු ලබාගැනීමේ නිල බලයක් නැත.

මේ නිසා බුද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් ඇති කිරීමට යෝජනා වී තිබේ. මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ බුද්ධි අධ්‍යක්ෂවරුන් තිදෙනකු පත්කිරීමට නියමිත අතර, ඔවුන්ගෙන් එක් අයෙකු පොලිස් දෙපාර්තමේන්තුවෙන් ද, අනෙක් අධ්‍යක්ෂවරුන් දෙදෙනා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් ද පත්කිරීමට සැලසුම් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද මීට පෙර සඳහන් කර තිබුණේ නව ලෝකයට ගැලපෙන ලෙස බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන බවයි. මීට අදාළ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීඹට සැලසුම් කර ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

20 + sixteen =