“අපිට නැති පොහොර මහින්දානන්දට කොහෙන්ද…..?“ නුවරඑළිය ගොවීහු විමසති

මහින්දානන්ද අමාත්‍ය වරයා විසින් නුවරඑළියේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් හතර දෙනෙකු සමග එක්ව මහා පරිමාණයෙන් උඩරට එලවළු වගාව ආරම්භ කර ඇති බවත් ඒ සදහා අවශ්‍ය රසායනික පොහොර විශාල ප්‍රමාණයක් නුවරඑළියේ ස්ථාන කීපයක සගවා ඇති බවත් නුවරඑළියේ එලවළු ගොවීහු පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ නුවරඑළියේ මහපරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ඉදිරි වගා කටයුතු සදහා මහින්දානන්ද ඇමතිවරයාගේ අනුදැනුම මත රසායනික පොහොර තොග මෙලෙස සගවාගන සිටින බවයි.
එම ගොවීන් වැඩිදුරටත් පවසන්නේ පොහොර හිගය හේතුවෙන් ඉදිරියේදී සුළු පරිමාණ ගොවියාගේ එළවලු අස්වැන්න අඩුවන බව දැන දැනම එම අඩුව පිරවීම සදහා එලවළු වෙළදපොලට සැපයීමේ කූට අරමුණින් යුතුව මහින්දානන්ද ඇමතිවරයා ඇතුළු මෙම ව්‍යාපාරිකයන් සිය වගාවන් සදහා පොහොර සගවාගන කාබනික පොහොර යොදා ගන වගා කටයුතු සිදුකරන ලෙස ගොවියන්ට පවසන බවයි.

කෙසේ වෙතත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාධ්‍ය හා සුළු පරිමාණ එලවළු ගොවීන් 35000ක් පමණ සිටින අතර පොහොර හිගය හේතුවෙන් එම ගොවීන්ගේ එලවලු අස්වැන්න 35% දක්වා අඩුවී තිබේ.

Leave A Reply

Your email address will not be published.

3 × 1 =