ඉන්දීය විදේශ ලේකම් මේ සතියේ හදිසියේ මෙරටට

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් සිංග්ලා ඔක්තෝබර් 2 සහ 5 අතර කාලය තුළ මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව The Hindu පුවත්පත වාර්තා කරයි.

නිව්යෝක්හි දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමී ව පැවති හමුවේදී ශ්‍රී ලංකා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එස්. ජයිශන්කර් අතර කතාබහෙන් දින 10කට පමණ පසු ව ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවීම විශේෂත්වයක් බවයි ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ ගතකරන කාලය තුළ ප්‍රධාන ද්විපාර්ශ්වික ව්‍යාපෘති කිහිපයක ආරම්භක කටයුතු වෙනුවෙන් ඔහු පැමිණෙන බවට නවදිල්ලියේ නිල ආරංචි මාර්ග සඳහන් කරන නමුත් එම සංචාරයේ මූලික අරමුණ තවමත් අපැහැදිලි බව The Hindu පුවත්පත පවසයි.

Leave A Reply

Your email address will not be published.

16 − one =