මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් පහරදීමක්…

පොලීසියෙන් හෝ විරෝධතා කරුවන්ගෙන් පහර කෑමට ලක් නොවී මහජනතාව දැනුවත් කරමින් තම කටයුතු කරගෙන යාමට මාධ්‍යවේදීන්ට හැකි විය යුතු බව මාධ්‍ය, විනෝදාත්මක හා කලා සන්ධානය (the Media, Entertainment & Arts Alliance-MEAA) පවසයි.

මෙල්බර්න් ඇතුලුව අනෙකුත් නගර කීහිපයකදීද පැවති සංසරණ සීමා පැනවීමට සහ එන්නත් කිරීමට විරෝධතා දැක්වීමේ උද්ඝෝෂණයන් ආවරණය කරමින් සිටියදී, මාධ්යවේදීන් අතවරයට ලක් කිරීම, කැප්සියම් ඉසීම සහ රඳවා තැබීම වැනි සිද්ධීන් හතරක් පිළිබඳව පැමිණිලි කරන ලෙස ඕස්ට්රේලියාවේ MEAA වික්ටෝරියා පොලිසියට ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගියදා මෙල්බර්න්හි පැවති තවත් විරෝධතාවක් ආවරණය කරමින් සිටියදී රූපවාහිනී වාර්තාකරුවෙකු පොලීසියෙන් මෙන්ම විරෝධතා කරුවන්ගෙන්ද කිහිපවරක්ම පහර කෑමවලට ලක්වී ඇත. මෙම නිසාම මාධ්‍යවේදීන් තම රැකියා කරන අතර හැකි තාක් ආරක්‍ෂිතව සිටින බවට සහතික වන ලෙසට එම සංගමය විසින් මාධ්ය සේවා යෝජකයන්ගෙන් ද ඉල්ලා ඇත.

MEAA මාධ්‍ය අංශයේ ෆෙඩරල් උප සභාපති කැරන් පර්සි (Karen Percy) පැවසුවේ විරෝධතාකරුවන් සහ පොලිසිය විසින් මාධ්‍ය සේවකයින් ඉලක්ක කරගත් බවක් තමන්ට පෙනෙන බවයි. මෙය අනුව “වෘත්තීය මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රැකියාවලට ඉඩ සැලසීම සඳහා වැඩි ආරක්‍ෂක විධි විධාන යෙදිය යුතුයි” යනුවෙන් පර්සි මහත්මිය පැවසුවාය.

තවද උපසභාපතිනිය පැවසුවේ “මාධ්‍යවේදීන් මධ්‍යස්ථ නිරීක්‍ෂකයින් බවත්, සරලව සිය රැකියාව කරමින්, “අපේ සමාජය දැනුවත් කිරීම සඳහා විශේෂයෙන් වසංගතය අතරතුර මාධ්‍ය විසින් අත්‍යවශ්‍ය සේවාවක් සපයන බවත්, පොලිසිය සහ විරෝධතා කරුවන් එය පිළිගත යුතු බවත්, එක් මාධ්‍යවේදියෙකුට එල්ල වූ ප්‍රහාරයක්, අපි සැමදෙනාටම එල්ලවූ පහර දීමක් ලෙස සළකන බවද ඇය පැවසීය.

“මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට ප්‍රවෘත්ති වාර්තා කිරීමේ යුතුකමක් හා වගකීමක් ඇති අතර බිය ගැන්වීමේ හා හිරිහැර කිරීමේ තර්ජනයකින් තොරව ආරක්‍ෂිතව එය කිරීමට හැකි විය යුතුය. එමෙන්ම ප්‍රජාව විශාල ලෙස මාධ්‍යයේ වැඩ වලට ගරු කිරීම සහ වෙනත් රටවල වැඩ කරන මාධ්‍යවේදීන්ට එල්ලවෙන ප්‍රචණ්ඩ ශාරීරික හිංසනයන්ටද එරෙහිවීමත්, පහරදීම් වලින් අනතුරුව පොලීසිය පෙන්වා දෙන කරුණු වලට තුඩු දුන් ව්‍යාජ ප්‍රවෘත්ති වල පදනම් විරහිත චෝදනා විශ්වාස කිරීමේ උගුලට හසු නොවී සිටීම ද ඉතා වැදගත්” යැයි MEAA මාධ්‍ය අංශයේ ෆෙඩරල් උප සභාපති කැරන් පර්සි පෙන්වා දුන්නේය.

– Ashoka Peiris (CSNA)
(Photo by Diego Fedele/Getty Images)

Leave A Reply

Your email address will not be published.

4 + sixteen =