දත්ත මකාදැමීම – මෘදුකාංග ඉංජිනේරුවා ඔක්.06 දක්වා රිමාන්ඩ්

ආන්දෝලනයට ලක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝබර් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (29) කටයුතු කළේය.

ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද (29) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය ලබාදී ඇත.

එලෙස අත්අඩංගුවට ගනු ලැබු නිලධාරියා දිවුලපිටිය, වැල්ලපිට ප්‍රදේශයේ පිහිටි එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙස සේවය කර තිබේ..

මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සඳහා එම පුද්ගලයා විසින් විශේෂ විධානයක් සකස් කර එම දත්ත මකා දමා ඇති බවයි.

දත්ත මකා දැමූ දින විධානය යොමුව තිබූ IP අංකය සහ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ IP අංකය සමාන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු සිය විමර්ශනවලදි අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම සැකකාර ඉංජිනේරුවරයා නිවසේ සිට දත්ත මකා දැමීම සඳහා අදාළ විධානය සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත් මූලික ප්‍රශ්න කිරීම්වලදී අත් වැරදීමකින් එම විධාන යොමු කළ බව අදාළ මෘදුකාංග ඉංජිනේරුවරයා සදහන් කර ඇති අතර එය සිතාමතා සිදුකළ ක්‍රියාවක් බව අනාවරණය කරගෙන ඇත්තේ පසුව සිදුකළ විමර්ශන වලදීය.

Leave A Reply

Your email address will not be published.

four × five =