තීරු බදු නොගෙවා ආනයනය කල දුම්වැටි දොළොස් දහසක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කල දුම්වැටි දොළොස් දහසක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව 2021.09.28 වන දින පැය 2130 ට පමණ අංක 230, පරණ යෝන් වීදිය, කොළඹ 12 ලිපිනයේ දී නිවසක් තුළ ගබඩා කර තිබූ දුම්වැටි දොළොස් දහසක් (12,000) සමග වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හත් ලක්ෂ අසූ දාහසකට (රු. 780,000) අධික වටිනාකමකින් යුක්ත වේ.

Leave A Reply

Your email address will not be published.

ten − seven =