ආදරණීය කසිනි… ( Cassini)

කසිනි තමන්ගෙ ගමන පටන් ගත්තෙ 1997 ඔක්තෝබර් පහලොස් වෙනිද.
කසිනිගෙ දෙමව්පියො තමයි නාසා සහ ඊසා ( NASA – National Aeronautics and Space Administration……. ESA-European Space Agency)
කසිනි මේ පොළොවෙ ඉපදුනාට මියෑදෙන්නෙ නම් මේ පොළොවෙ නෙවේ…
සමහර විට එයා අමරණීය වෙන්නත් පුළුවන් .. සමහර විට වෙනත් පවුලකින් දරු කමට හදාගන්නත් පුළුවන්.
කවුද මේ කසිනි…
කසිනි කියන්නෙ අධි තාක්ශණය උපයෝගී කරගෙන නිර්මාණය කරපු කෘතීම බුද්ධියක් තියන… තනිව තීරණ ගන්න පුළුවන් අභ්යවකාශ යානයක්.
නමුත් එයාව මෙහෙයවන්න්නෙ පොළොවෙ ඉඳල.
එයා යන්නෙත් තනි ගමනක් … බොහෝ විට ආයෙ නොයෙන්නම…විශ්වයේ වෙසෙන වෙනත් බුද්ධිමත් ජීවීන් කොටසක් විසින් ආපහු පෘථිවියට එක්කරගෙන ආවෙ නැත්තං එයා ආපහු එන එකක් නෑ.
මායිමක් ..ඉමක් නොපෙනෙන විශ්වයේ තනි ගමනකට යන කසිනිව අපි මුලින්ම ලෑස්ති කරේ අවුරුදු එකොලහක් ..දොලහක් වගේ වගේ ජීවිතයකට.
මේ අවුරුදු එකොලහෙන් එයාගෙ රස්සාව කරන්න ඕනෙ අවුරුදු 4ක් විතරයි .. අත්සන් කරපු ගිවිසුමේ විදිහට.
මොකද්ද මේ කියන්නෙ.
ඒ කියන්නෙ 1997 ගමනට පිටත් කරාට …කසිනි අපිට ඕනෙ තැනට ලඟා වෙන්න අවුරුදු 7ක් ගන්නව.
ඒ කියන්නෙ 2004 දි ගමනාන්තයට ලඟා වුනාම.. එතන ඉඳල අවුරුදු හතරක් ….වටේ පිටේ තියන චන්ද්රයො.. දූවිලි.. ගල් කෑලි.. වළළු වගේ දේවල පින්තූර අරන් පොළොවට එවන්න ඕනෙ.
ඒව අතගාල බලන්න ඕනෙ.. හැදිල තියෙන්නෙ කොහොමද බලන්න ඕනෙ.. දවසින් දවස ඒව වෙනස් වෙන විදිහ.. කුණාටු ..පිපිරීම් ඇති වෙන විදිහ ,බලන් ඉඳල අපිට ඒව ගැන කියන්න ඕනෙ.
එතකොට මෙයාගෙ රාජකාරිය අවුරුදු හතරයි.. එතනින් පස්සෙ එයාට විශ්වයේ ඕනෙම තැනකට යන්න පුළුවන්.
කාලයක් අපි මෙයාට කේලමා කියලත් කීව.
මොනවද මෙයාගෙ රාජකාරි වුනේ.
1. සෙනසුරු ග්රහයාගේ වලළු හැදිල තියෙන්නෙ කොහොමද.. මොන ද්රව්ය වලින්ද..
පාට හැදෙන්නෙ කොහොමද… මේ වලළු වල ස්වභාවය තේරුම් ගැනීම.
2. මේ සෙනසුරු වලළු වල ඉතිහාසය… කොහොමද චන්ද්රිකා වගේ.. මේ වලළු වල තියන දූවිලි ..ගල්.. වැලි සෙනසුරු වටේ කැරකෙන්නෙ.
3. ඩාක් මැටීරියල් ගැන පර්යේශණ කිරීම. Dark Material ( විශ්වයේ 80 % ක් හැදිල තියෙන්නෙ මේ ඩාක් මැටීරියල් වලින් .. ඒක වෙනම ගැඹුරු විශයක්).
4. සෙනසුරු වටා චුම්භක ක්ශේස්ත්රය..වලාකුළු.. ගෑස්.. පිපිරීම් වැනි දේ සොයා බැලීම.
5. සෙනසුරුගෙ ග්රහයෙක් වුනු ටයිටෑන් ගැන සොයා බැලීම අධ්යයනය කිරීම.
( මේ ටයිටෑන් තුල ජීවය තියෙන්න පුළුවන් කියල අපි කාලයක් විශ්වාස කරා)
දැං අපි දන්නව කසිනි කියන යානය පිටත් වුනේ සෙනසුරු ගැන හොයා බලන්න කියල.
එක්සත් ජනපදයේ වගේම ලංකාවෙත් සෙනසුරු හරි ප්රසිද්ධයි..
ඒ අය යානා යවල ඒ ගැන හොයා බලද්දි …හිංදු ආගම අදහන අපේ අනාවැකි කාරයොත් ලංකාවෙ ඉඳන්ම සෙනසුරු ගැන හොයනව.
අපලයක් එහෙම තිබ්බොත් නාසා එකට කියල වැඩක් නෑ.. සෙනසුරු පූජාවක් තියන්න එපායැ. වෙලාවකට දුක හිතෙනව නාසා එක ගැන.
හරි ආපහු කසිනි ගැන කතා කරමු. කසිනිගෙ රාජකාරි 2008 න් ඉවර වෙන්න ඕනෙ. නමුත් එයා හිතුවට වඩා දක්ශයි.. හිතුවට වඩා ශක්තිමත්.
ඒ හිංදම අපි හැම තිස්සෙම එයාගෙන් වැඩි වැඩියෙන් ඉල්ලුවා.
ඒ ඉල්ලීම් කොයිතරම් දුරදිග කියාද කියනව නම් ..2008 ඉවර වෙන්න ඕනෙ රාජකාරි එයා 2017 වෙනකල් කලා.
කසිනිගෙන් අපි ඉගෙන ගත් දේ පුදුමාකාරයි. මිනිස්සුන්ගෙ දැනුම.. හිතීමේ හැකියාව හිතා ගන්න බැරි අමුතුම සීමාවකට කසිනි අරගෙන ගියා. . මිනිස්සු හිතාගෙන හිටපු ගොඩාක් දේ කසිනි බොරු කලා.
කොහොමද එහෙම කලේ.
නාසා ආයතනයේ වෙනම ඒකකයක් තියනව කසිනි මෙහෙයවන. ඒ කණ්ඩායමේ විද්යාඥ්ඥයින් සිය ගානක් වැඩ කරනව. හැම දාම .. පැය විසි හතර පුරාම කසිනි.. එයා ඉගෙන ගන්න දේවල්.. එයා ගන්න පිංතූර මේ කණ්ඩායමට එවනව.
සමහර තීරණ තොරතුරු කියන්න .. සමහර අවස්ථාවන් වලදී කසිනිට කටහඬක් තිබුන.
ඒ කලින් පටිගත කරපු කටහඬක්..වචන පාවිච්චි කරල එයා හදපු පොඩි පණිවිඩ.
එතකොට අවුරුදු ගාණක් කසිනි එක්ක ගනුදෙනු කරපු අයට දැනෙන්නෙ …කසිනි කියන්නෙ යාළුවෙක්…. විශ්වාසවන්ත යාළුවෙක්.. පවුලෙ කෙනෙක් විදිහට.
මෙයා අපිට හොයල දුන්නු තොරතුරු නිවැරදි වචන වලින් කියන්න අභ්යවකාශ විද්යාව ගැන මට දැනුමක් නැහැ.
නමුත් සරල වචන වලින් කිව්වොත්
1. වෙනත් ග්රහලෝකයක සාගර වලින් ගත් සාම්පල් ගැන කියල දීම.
සූර්ය ග්රහ මණ්ඩලයට අයිති නැති වස්තුවකට ගොඩ බැසීම.
( ඒක තවත් කතාවක්)
2. පෘථිවියෙන් හෝ සූර්ය ග්රහ මණ්ඩලයෙන් පිට ජීවය ඇතිවීමේ හැකියාව ගැන තොරතුරු කියා දීම.
3. පෘථිවියට ඉතාම සමාන ටයිටෑන් ග්රහයාගේ තොරතුරු කියා දීම ( ටයිටෑන් අපේ මහ ගෙදරද කියන සංකල්පයට අඩුම කුඩුම සැපයීම)
4. සූර්ය ග්රහ මණ්ඩලේ උපත ගැන නොදත් තොරතුරු අනාවරණය කිරීම.
සමහර වෙලාවට කසිනි කාල යාත්රාවක් වගේ.. කාලය ගැන සංකල්ප පුළුල් කිරීම එයා කලා.
විශේෂයෙන්ම අයින්ස්ටයින් මහත්තයාගේ කාලය පිලිබඳ න්යාය ගැන සජීවී උදාහරන සැපයීම.
5.වෙනත් ග්රහ ලෝකයක සෘතු වෙනස්වීම් හා කාලගුණික විපර්යාස පැහැදිලි කිරීම.
6. සෙනසුරුගේ චන්ද්රයන් හා ඒ ලෝකවල ඇති වෙනස්ම.. ඒ අයට පමණක් උරුම වුණු ..ස්වභාවය පැහැදිලි කිරීම.
7. සෙනසුරුගේ වළළු ක්රියාකරන විදිහ. ඒ අතර එකිනෙක ශක්තීන් වැඩ කරන ආකාරය.
8. සූර්ය ග්රහ මණ්ඩලයේ පිහිටීම.. උපත හා බලය ගැන අපේ දැනුම ප්රශ්ණ කිරීම හා ඒ ගැන අළුතෙන් සිතන්න ආරාධනා කිරීම.
9. අභ්යාවකාශ යානා තාක්ශණය කෙසේ දියුණු විය යුතුද… අළුතින් මොනවගේ උපාංග එකතු කරන්න ඕනෙද .. නොකළ යුතු දේ මොනවද යන්න කියා දීම.
10. සෙනසුරුගේ සුන්දරත්වය.. එයාගෙ චන්ද්රයන් හා වළලු වල අපූරු ලස්සන.. කිසිම තැනක නැති වර්ණ සජීවීවම පෙන්නල දීම.
ඒ ලස්සන වෙන කිසිම තැනක නැති බව පෙන්වීමෙන් අපේ උඩඟු කම අඩු කිරීම….. වගේ බොහෝ දේ කසිනි අපිට කියල දුන්න.
මොකද්ද මේ නම…
කසිනිට නම දුන්නෙ ජියෝවානි ඩොමිනිකෝ කසිනි.
(Giovanni Domenico Cassini )
ඩොමිනිකෝ තමයි සෙනසුරු ගැන .. සූර්ය ග්රහ මණ්ඩලය ගැන අපිට මුලින්ම බොහෝ දේ කියල දුන්නෙ. එයා ඉතාලි ජාතික බුද්ධිමතෙක්. යුරෝපයේ පුනරුදයත් එක්ක ලෝකයේ ගමන් මග වෙනස් කල මනුස්සයෙක්. ( 1625 – 1712)
( අමතක කරන්න එපා ලෝකය රවුම් කියල මුලින්ම කියපු ගැල්ලියෝට ජීවිතෙත් අහිමි වුනා මේ සොයා ගැනීම් නිසා)
මේ ව්යාපෲතියේ නම කසිනි-හුයිජින්ස්. *Christiaan Huygens) ක්රිස්ටියන් හුයිජින්ස් කියන්නෙ ඕලන්ද ජාතික තාරකා විද්යාඥ්ඥයෙක්.. බුද්ධිමතෙක්. ( 1629-1695)
අවුරුදු දහතුනක් තිස්සෙ මේ ලස්සන යානය අපිව වසඟ කලා.. තොරතුරු හා පින්තූර වලින්. අපි කොච්චර මෝඩද කියල ඔප්පු කරා.
නමුත් සමහර රටවල අනාවැකි කියන මිනිස්සු කියන විදිහට සුර.. පුහුල්.. දිව්යාංගනාවො.. විශ්ණුගෙ හෝ නාථගෙ රෙදි කෑලි නම් කසිනි හොයාගත්තෙ නෑ සෙනසුරු අවට.
අවුරුදු දහතුනක් තිස්සෙ කසිනිගෙ කණ්ඩායම හැමදාම අවදි වෙන්නෙ කසිනි අද මොනවද කියන්නෙ අහගෙන. උදේ කෝපි එක බොන්නෙත් .. හවස විස්කි වීදුරුව තොල ගාන්නෙත් එයාගෙ තොරතුරු අහමින්.. බලමින්.
මේ කන්ඩායමේ බොහෝ අය එයාලගෙ නිවාඩු කාලෙදිත් වැඩකරන සගයන්ගෙන් අහන්න පුරුදු වෙලා හිටිය අද කසිනිට කොහොමද.. මොනවද එයා අළුතින් කීවෙ කියල.
හැම දේකටම සීමාවක් තියනව. අන්තිමේදි කසිනිට තව දුර යන්න අපේ තාක්ශණය ඉඩ කඩ දුන්නෙ නෑ.
මහන්සියි.. අබලන්…
ගමන අවසන් වෙද්දි එයා කෙලවරක් නැති විශ්වයේ කිලෝ මීටර් බිලියන 7.8 ක් තනියම ගමන් කරල තිබුන.
අන්තිමට නාසා ආයතනය සමුදුන්න කසිනිට… එදා මුළු කණ්ඩායමේම සාමාජිකයන්ගෙ ඇස්වල කඳුළු පිරිල තිබුන.
සමහර අය ඇඬුව.
කසිනි කියල දුන්න ආදරයක්.. සම්භන්ධයක් ඇතිවෙන්න මනුස්සයෙක්.. සතෙක්ම වෙන්න ඕනෙ නෑ කියල.
දුර .. සම්භන්ධයකට භාධකයක් නෙවේ කියල එයා පෙන්නල දුන්න.
එයාගෙ කණ්ඩායෙමේ සමහර සාමාජිකයන්ට මානසික ප්රථිකාර පවා දෙන්න සිද්ධ වුනා.
මොනව උනත්.. තනි ගමනක් ගිය කසිනි අන්තිමට සෙනසුරුගෙ ආකර්ශණයට අහුවෙලා නොපෙනී ගියා… ආයෙ කවද දකීවිද අපි දන්නෙ නෑ.
කසිනි.. ස්තුතියි.
Source . Nasa.. ESA.
– Malcolm Sang (fb)
Leave A Reply

Your email address will not be published.

8 − three =