ඇමති දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී වයඹ මහ ඇමති වීමේ සුදානමක

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර තමන් සිය ධූරයෙන් සමුගැණීමට සූදානම් බව දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසට සංධානයක් ගොඩනගා ඉදිරියට පැමිණෙන්නේ නම් වයඹ පළාතේ මහ ඇමතිවරයා ලෙසට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව කුරුණෑගල සමූපාකාර ග්‍රාමීය බැංකු පරිශ්‍රයේදී සිදුකළ ලේ දන් දීමේ වැඩසටහනටකට එක්වෙමින් අද (28) දින මේ සව පැවසීය.

පක්ෂය තමාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී පළාත් සභාවට තරඟ කිරීමට තමා සූදානමෙන් සිටින බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී පැවසීය.

මහ ඇමති අපේක්ෂකයා ලෙස මීට පෙර ඉදිරිපත් වූ අවස්ථාවේදී විශාල ජනමතයක් නිර්මාණය කර පළාත් සභාව ජයග්‍රහණය කිරීමට සමත් වූ බවත්, මහ ඇමතිවරයා ලෙස වයඹ පළාතට විශාල වැඩ කොටසක් සිදුකළ බවත් පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

two × 3 =