ප්‍රවීණ චිත්‍රපට නළු හා අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර දිවි සැරිය නිමකරයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම එවක ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා අද අළුයම (2021/09/28) අභාවප්‍රාප්ත විය. මිය යන විට 83 වන වියේ පසුවූ ඒ මහතා ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත. ප්‍රවිණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන ඔහු විවාහව සිටියේ ප්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟිනි.ඔහු , සධානා , සුප්‍රියා , සංජය , සුදේව්, ෂර්මිලා, සංජානා සහ සජනි ඉෂාරා අබේසේකර යන දරුවන් හත් දෙනාගෙ ආදරණිය පියාණන් ද විය.
ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපට වූයේ ” වහල් දුපත ” සහ ” සිදාදියෙන් හයක් ” යන චිත්‍රපට යුගලයි. ” හිඟන කෙල්ල ” සහ ” ජන ශක්ති ” නමින් චිත්‍රපට දෙකක රූප ගත කීරීම ආරම්භ කල නමුදු, ඒවා නිම කිරීමට නොහැකි විය . චිත්‍රපට නළුවෙකු ලෙස , දස්කම , සිරකරුවා , සැඩසුළං, ගිජු ළිහිණියෝ,කොළඹ හාදයෝ, වහල් දූපත , සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය දක්වා ඇත. ඔහු ගායන ශිල්පියෙකු ලෙස , ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක්ම ගායනා කර ඇත . කලක් දේශපාලන භූමිකාවේද නිරතව ඇති ඔහුගේ දියණියන් දෙදෙනෙකු වන සධානා සහ සුප්‍රියා අබේසේකර ගායන ලොව ඉහලින්ම ජය ගැනීමටද සමත්ව ඇත.
අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

සටහන – ඇන්ටන් ජේ.ප්‍රනාන්දු (fb)
2021 සැප්තැම්බර් 28.
ඡායාරූපය –දයාන් විතාරණ

Leave A Reply

Your email address will not be published.

15 + twelve =