“ඇයට ළගදීම බොලිවුඩයේ ගී ගයන්න අවස්ථාවක් උදා විය හැකියි” – ඉන්දීය මාධ්‍යයක්

- ඉන්දීය මාධ්‍යයක්

රහ්මාන් ගෙ සංගීතයට ගීතයක් ගැයීම තමාගේ ලොකුම හීනයක් බව යොහානි කියනවා. ඇගේ අදහස ඉටු වුණොත් එය තවත් ලොකු ජයග‍්‍රහණයක් වේවි. ඇයට ළගදීම බොලිවුඩයේ ගී ගයන්න අවස්ථාවක් උදා විය හැකි බවට ඉන්දියාවේ ප‍්‍රසිද්ධ නාලිකාවකුත් ඉගි කර තිබුණා. එවැන්නක් සිදු වුණොත් එය ඇයගේ සංගීත දිවිය තවත් පියවර කිහිපයකින් ඉහළට ඔසවන අවස්ථාවක් වේවි. මම නම් ඒ ගැන සතුටු වෙනවා.

ඇය හමුවේ ඇති ලොකුම අභියෝගය මේ සාර්ථකත්වය එක රැයින් අවසන් වන්නක් නොවී අඛණ්ඩව පවත්වා ගැනීමයි. එය මේ වනවිට ඇය සහ ඇගේ කණ්ඩායම තුළත් ලොකු ආතතියක් ඇති කර තිබෙනවා ට සැකයක් නැහැ.

මේ අතර ඇගේ ප‍්‍රසංග දෙකකුත් සැප් 30 සහ ඔක් 3 යන දිනවල ඉන්දියාවේ පැවැත්වෙනවා.
කලාව කියන්නේ මේ වනවිට ඉතා පුළුල් ලෙස ගෝලීයකරණය වූ ප‍්‍රවාහයක්. රටවල් වගේම කලාකරුවන් ද වඩ වඩාත් උත්සාහ කරමින් සිටින්නේ තම රටවල දේශසීමා ඉක්මවා යමින් මේ ගෝලීය රසික ප‍්‍රජාවට සමීප වෙන්නයි.
අපේ වගේ ඉතා කුඩා රසික ප‍්‍රජාවක් ඉන්න, කුඩා වෙළෙදපොලක් තියෙන රටවලට මෙය හුගක් වැදගත් කියලයි මට හිතෙන්නෙ. කලාවේ අනාගතය වැටී තිබෙන්නේ මේ ඔස්සේ බවයි පෙනෙන්නෙ. යොහානි ගේ ජයග‍්‍රහණවලට වටිනාකමක් එකතු වන්නේ ත් එම පසුබිම තුළයි.
නිහාල් පීරිස් (fb)

Leave A Reply

Your email address will not be published.

8 + 13 =