එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය සඳහා අම්පාර නගරයේදී පැවති ජන රැළියකදී එම දිස්ත්‍රික්කයේ එජාප නායක ඇමැති දයා ගමගේට පාක්ෂිකයන්ගෙන් නොනවතින ‘හූ’ තැබීමක් සිදු විය.
ඇමතිවරයා කතාව ආරම්භ කරද්දීම හූ තැබීම ආරම්භ කළ අතර කතාව ඉදිරියට කරගෙය යද්දීද එය නතර නොවීය. හූ කියද්දීම කතාව පැවැත්වීමට ඔහු උත්සාහ ගත්තද ජනතාව නොනවත්වා හූ තබා තබන ලදී.
කෙසේ වෙතත් හූ හඬ මැද ඔහු කියා සිටියේ ජනතාවට පොරොන්දු වූ දේවල් කිරීමට නොහැකි වූ බවයි.