කොවිඩ් මරණ 79 ක් ඊයේ (24)

අද (25) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව මෙරටදී ඊයේ (24) මරණ 79 ක් සිදුව තිබේ.

මියගිය අයගෙන් 57 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක් ද ඒ අතර වෙති.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 12,609ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 55 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 12වන ස්ථානයේය.

Leave A Reply

Your email address will not be published.

15 − three =