කොවිඩ් ආසාදිත මරණ 82 ක් ඊයේ (23)

ඊයේ (23) දිනයේ කොවිඩ් ආසාදිතවූ තවත් 82 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.

මෙම මරණ 82 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මියගිය 82 දෙදෙනාගෙන් 61 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 21 දෙනෙක් ද ඒ අතර වෙති.

 

Leave A Reply

Your email address will not be published.

13 − eleven =