ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ අනුව මහේල ජයවර්ධන එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

මේ වන විට ක්‍රීඩා සහභාවේ සභාපතිවරයා ලෙස ද මහේල ජයවර්ධන කටයුතු කරයි.

Leave A Reply

Your email address will not be published.

5 × 1 =